USB format Errow..
සමහර වෙලාවට ඔයාලා Pen එකක් format කරද්දී USB format Errow කියලා ඩයලොග් බොක්ස් එකක් එනවා දැකලා ඇති...බලන්න එහෙම එන අය පහත පියවර අනුගමනය කරලා..
පියවර 1:- My Computer icon එක මත රයිට් ක්ලික් කරන්න
පියවර2:- දැන් එන ඩ්‍රොප්ඩවුන් මෙනු එකෙන් manage යන්න ක්ලික් කරන්න
පියවර 3:- දැන් storage යටතේ ඇති disk management යන්න ක්ලික් කරන්න
පියවර 4:- දැන් ඔයාලගේ USB Drive එක පෙන්නයි දැන් format කරලා බලන්න
USB non detectable
සමහර වෙලාවට undetected වෙන්න පුළුවන් ඒවෙලාවට පහත පියවර අනුගමනය කරලා බලන්න
පියවර 1:- වින්ඩෝස් කී එක සමග R කී එක ප්‍රෙස් කර run වින්ඩෝ එක open කරගන්න
පියවර 2:- දැන් මෙන්න මේක ටයිප් කරන්න "devmgmt.msc" දැන් ok කරන්න.
පියවර 3:- දැන් device manager ඕපන් වේවි
පියවර 4:- දැන් ඒ යටතේ ඇති universal serial bus controllers යන්න ක්ලික් කරන්න
පියවර 5:- ඒ යටතේ ඇති ලිස්ට් එකෙන් undetected pen drive මත right click කරලා uninstall කරන්න
පියවර 6:- දැන් පෙන් එක ගලවලා Restart කරන්න
USB not visible in my computer(explorer)
පෙලක් වෙලාවට USB Drive එක my computer තුල පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්.ඒ වෙලාවට පහත පියවර අනුගමනය කරලා බලන්න
පියවර 1:- ඉස්සරලාම් run box එක open කරගෙන "compmgmt.msc" යන්න Type කර ok කරන්න
පියවර 2:- දැන් ඒ යටතේ ඇති disk management යන්න ක්ලික් කරන්න
පියවර 3:- දැන් එතැනින් ඔයාලගේ pen එක මත right click කරලා change drive letter and paths යන්න තෝරන්න
පියවර 4:- දැන් new drive letter ලෙස Assign කරන්න
Delayed write failed error with USB drive
මේක සාමාන්‍ය සිද්ධියක් මේ සදහා පහත පියවර අනුගමනය කරලා බලන්න
පියවර 1:- my computer මත right click කරලා explorer යන්න open කරගන්න
පියවර 3:- දැන් USB drive එක මත right click කරලා properties යන්න
පියවර 4:- දැන් tools යන tab එක ක්ලික් කරලා ඒ යටතේ ඇති error checking හි check now option තෝරන්න .දැන් අළුත් window එකක් open වෙයි
පියවර 5 :- දැන් ඉහත පරිදි හරි ලකුණු යොදා start යන්න Click කරන්න
විනාඩි කිහිපයක් රැදී සිටීමෙන් ඔබට එම ගැටළුවෙන් මිදිය හැක.
එහෙනම් කස්ටියටම ජය වේවා
0 comments:
Post a Comment