අද අපි බලමු කොහොමද නිවැරදිව බ්ලොග් එකක් සාදා ගන්නේ කොහොමද කියලා.
මේ සදහා ඊට කලින් ඔයාලා ජීමේල් ගිණුමක් සාදා ගෙන තිබිය යුතුය.එසේ සදා නොමැතිනම් පළමුව එය සාදා ගත යුතුය.නොදන්නා අය මෙන්න මෙතනින් ගිහින් කලින් පොස්ටුව බලා සාදා ගන්න.
බ්ලොග් එකක් සාදා ගැනීම සදහා පළමුව අන්තර්ජාලය හරහා www.blogger.com යන්න පිවිසෙන්න .ඉන්පසු ඔයාලගේ ජීමේල් ලිපිනය හා පාස්වර්ඩ් එක ලබා දී ලොග් වෙන්න.
ඉන්පසු ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ලැබේවි.
දැන් ඔය පහල තියෙන continue to blogger යන්න ක්ලික් කරන්න.ඉන්පසු ඔයාලට පහත පරිදි වින්ඩෝ එකක් ලැබේවි.
එතැනින් new blogger යන්න ක්ලික් කරන්න.
ඉන්පසු නැවත පහත පරිදි වින්ඩෝ එකක් ලැබේවි
මෙතැනදී title යනන ඉදිරියෙන් ඔයාලගේ බ්ලොග් එකට කැමති නමක් දෙන්න පුළුවන්.
addressයන්න ඉදිරියෙන් ඔයාලගේ බ්ලොග් address එක දෙන්න පුළුවන්.මෙතැනදී ඔයාලගේ බ්ලොග් address එක දෙනකොට කාටත් හොදින් මතක තියෙන address එකක් දීමෙන් ඔයාගේ බ්ලොග් එකට ගොඩවෙන්න කාටත් පහසු වේවි.
template යන්න මගින් ඔයාලගේ බ්ලොග් එකේ පෙනුම ඔයාලා කැමති විදිහට මෙතන තියෙන template මගීන් තෝරා දිය හැක.
ඉන්පසු සියල්ල අවසානයේ create blog යන්න ක්ලික් කරන්න.
ඉන්පසු ඔයාලා බ්ලොග් එක නිවැරදිව සාදා ගත්තේනම් පහත පරිදි වින්ඩෝ එකක් ලැබේවි.
දැන් ඔයාලගේ බ්ලොග් එක සාදා ගැනීමේ මුලික පියවර ඉවරයි.දැන් ඔයාලට පුළුවන් view blog යන්න ක්ලික් කිරීමෙන් ඔයාලා සාදා ගත් බ්ලොග් එකට පිවිසෙන්න.
දැන් ඔයාලට පුළුවන් ඔයාලා සාදා ගත් බ්ලොග් එකේ කැමති පරිදි පෝස්ටු කොටන්න.අපි ඊලග බ්ලොග් පාඩමෙන් බලමු කොහොමද පෝස්ටුවක් කොටන්නේ කියලා.
0 comments:
Post a Comment