මම කලින් ඔයාලට කියලා දුන්නා මොකක්ද මේ බ්ලොග් එකක් කියන්නේ කියලා ඒ පොස්ටුව කියවපු නැති අය මෙතනින් ගිහින් කියවන්න
ඉතින් මම ඔයාලට කිව්වනේ අපිට බ්ලොග් එකක් හදාගන්න කලින් අපිට ජීමේල් ගිණුමක් තියෙන්න ඔනී කියලා ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව ජීමේල් ගිණුමක් සාදා ගන්නේ කියලා.
ජීමේල් ගිණුමක් සාදා ගනිමු ....
මේ සදහා ඉන්ටර්නෙට් හරහා www.gmail.com වෙබ් අඩවියට පිවිස එහි ඇති create an account යන්න මත ක්ලික් කරන්න.
එවිට ලැබෙන ගිණුමට අදාළ විස්තර ලබා දෙන වින්ඩෝව තුල අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.
මෙහිදී දුරකථන අංකයක් යොදන විට දැනට භාවිතයේ පවතින දුරකථන අංකයක් යොදන්න .
ඉන්පසු පහත පරිදි හරි ලකුණු යොදා next step යන්න ක්ලික් කරන්න
ඉන්පසු ඔබට පහත පරිදි තවත් වින්ඩෝවක් ලැබේ.අදාළ තොරතුරු ලබා දී continue යන්න ක්ලික් කරන්න
ඉන්පසු ඔබ ලබාදුන් දුරකථන අංකයට අදාලව කෙටි පණිවිඩයක් ලැබේවි.පසුව එහි ඇති කෝඩ් එක අදාළ ස්ථානයේ ටයිප් කර continue යන්න ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන වින්ඩෝ ස්කිප් කර ඔබගේ ජීමේල් ගිණුමට පිවිසිය හැක.
ඊලග පොස්ටුවෙන් බලමු කොහොමද නිවැරදිව බ්ලොග් එකක් සාදා ගන්නේ කියලා...
0 comments:
Post a Comment