blog පාඩම් මාලාව #02

මම කලින් ඔයාලට කියලා දුන්නා මොකක්ද මේ බ්ලොග් එකක් කියන්නේ කියලා ඒ පොස්ටුව කියවපු නැති අය මෙතනින්  ගිහින් කියවන්න

ඉතින් මම ඔයාලට කිව්වනේ අපිට බ්ලොග් එකක් හදාගන්න කලින් අපිට ජීමේල් ගිණුමක් තියෙන්න ඔනී කියලා ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව ජීමේල් ගිණුමක් සාදා ගන්නේ කියලා.

ජීමේල් ගිණුමක් සාදා ගනිමු ....


මේ සදහා ඉන්ටර්නෙට් හරහා www.gmail.com වෙබ් අඩවියට පිවිස එහි ඇති create an account යන්න මත ක්ලික් කරන්න.



එවිට ලැබෙන ගිණුමට අදාළ විස්තර ලබා දෙන වින්ඩෝව තුල අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.


මෙහිදී  දුරකථන අංකයක් යොදන විට දැනට භාවිතයේ පවතින දුරකථන අංකයක් යොදන්න .


ඉන්පසු පහත පරිදි හරි ලකුණු යොදා next step යන්න ක්ලික් කරන්න 



ඉන්පසු ඔබට පහත පරිදි තවත් වින්ඩෝවක් ලැබේ.අදාළ තොරතුරු ලබා දී continue යන්න ක්ලික් කරන්න 



ඉන්පසු ඔබ ලබාදුන් දුරකථන අංකයට අදාලව කෙටි පණිවිඩයක් ලැබේවි.පසුව එහි ඇති කෝඩ් එක අදාළ ස්ථානයේ ටයිප් කර  continue යන්න ක්ලික් කරන්න.


ඉන්පසු  ලැබෙන වින්ඩෝ ස්කිප් කර ඔබගේ ජීමේල් ගිණුමට පිවිසිය හැක.

ඊලග පොස්ටුවෙන් බලමු කොහොමද නිවැරදිව බ්ලොග් එකක් සාදා ගන්නේ කියලා...







හෙළ වෙදකම ඔප්නැංවූ කාව්‍ය රසය.....



අපේ ජන ජීවිතය රසාලිප්ත බව බොහෝ වියතුන් පවසන්නේ ගැමියා දුකට, සන්තාපයට, සතුටට මෙන්ම වියෝවටද කවිය අවියක්‌ කොටගත් නිසාය. ජීවිතයේ දුක්‌ කරදර අටෝ රාශියක්‌ මැදින් යනෙන විට දැනෙන පීඩාව ඔවුහු සමනය කර ගත්තේ ද තම සිත්හි නැඟෙන සුන්දර අදහස්‌ කවියට පෙරැළීමෙනි. ඒවා ජනකවි ලෙසට ජනවහරේ අදටත් එයි. එහෙත් වෙද පරපුරේ අතැඹුලක්‌ සේ දත් රහස්‌ ඔසු පිළිබඳව කවි කලාවක්‌ද පවතී. වරෙක උග්‍ර දන්තාබාධයක්‌ වැළඳුන රෝගියකුට අපූරු කවියක්‌ වෙදැදුරෙකු ලියා දුන්නේය.

වැල්මී අමු ඉඟුරු එක පමණට ගන්න
මිරිකා පොල් කිරෙන් ලිප බා පැස වන්න
නස්‌නාරං යුෂට කපුරුත් දම මින්න
අඹරා දතෙහි රඳවනු කැක්‌කුම යන්න.

වැල්මී ඉඟුරු එක පමණට ගෙන පොල්කිරි දමා නස්‌නාරං යුෂ කපුරු මිශ්‍ර කොට අඹරා දත මුල තබන්න. එවිට දත් කැක්‌කුම සුවවේය යන්න මෙම වෙද කවියෙහි අරුතය.

පොළඟා අපේ ගම්වල, හේන්වල, ගෙවත්තේ ගොවිතැන් කරන ගොවියන්ට ගෙවිලියන්ට බොහෝ හිංසා පීඩාදිය ගෙන දෙන්නෙකි. එහෙත් කාලාන්තරයක්‌ මුළුල්ලේම අපේ ගැමියා මෙබඳු සර්ප දෂ්ඨනයන්ගෙන් මුදවා ගත්තේ අපේ හෙළ වෙද ඉසිවරයන්ය. ඔවුහු හෙළයේ ගහකොළ මුල්වැල් උපයෝගී කරගෙන අපූරු පිළියම් කළහ.

ආයුර්වේදයෙහි එන සතුන් සඳහා වූ වෙදකම වෛද්‍යවරුන්ගේ මතක ගබඩාවෙහි තැන්පත් කිරීම සඳහා අපූරුතම කවි වහරක්‌ ඔවුන් භාවිතා කළහ. මේ කවි බස ලාලිත්‍යයෙන් සපිරි වීම හේතු කොටගෙනම හෙළ වෙද පරම්පරාවේ කණිෂ්ඨයන්ට බොහෝ සෙයින් උදව් ගෙන දිනි. මේ හෙළ ඔසු රටාව සුසංයෝග කරන්නට කිවි කලාව උපයෝගී කර ගන්නට අපේ ඉපැරැණි වෙද ඉසුරන් කල්පනා කළහ. පොළොන් විසට තනාගත් ඔසුව ඔවුන් කවියෙන් පැවසුවේ මේ ලෙසටය.

සොඳට ඇසතු බෝ නුග මුල් ගන්නේ
දියට එනරදිය ගලපා ගාන්නේ
ටිකට නැතුව මැස්‌සක්‌ අර ගන්නේ
එවිට අලුත් පානෙන් බැස යන්නේ

තෙලිසාද අපේ ගැමියන්ට දුක්‌ගැහැට හිරිහැර හා වද වේදනා ගෙන දෙන සර්පයකු ලෙසට ප්‍රකයට. ගමේ ගොඩේ ප්‍රකටය. මේ තෙලිසප් විසට දෙන ඔසු අපේ පැරැණි වෙද ඉසිවරුන් කවියට නඟා ඇති අයුරුය.

තඹලං ගෙඩි කුඩු මිරිස්‌ ද ගන් නේ
කහඅනුලා වෙන වෙනම බඳින් නේ
කැකිරිවරා කොළ ලේප කරන් නේ
හැට තෙලිසප් විස මින් පහවන් නේ

කැකිරි වරා කොළ පොතු ලේප කරමි න
ලුණු දෙහි අඹරා ලේප කරමි න
සැමෝ කොල යුසරස රස දිය ලේපයෙ න
තෙලිසප් විස ගුණ වෙයි දනු සැනෙකි න
සැමෝයුෂය ගනිමින් නේ
රසදිය එහි සමගින් නේ
විත් මුක තුළ ගාමින් නේ
තෙලිසප් විස බැස යන් නේ
කීකිරිදිය කොල ගන් නේ
කහලුනුලා මලවා ගන් නේ
කෑ මුඛයෙහි බඳිමින් නේ
තෙලිසප් විස නොතිබෙන් නේ

මාපිල් වර්ග බොහෝමයක්‌ පිළිබඳව අපේ වනගත ගම්මානවල සිටින ඇත්තන් දැන සිටිති. මාපිලා වටා එතෙනු ජනප්‍රවාද බොහෝය. ඒවා ඒ ආකාරයෙන්ම රසවත්ය. මාපිලකු මරා දැමූ විට තවත් සත්දෙනකු ආසන්නයට එන බව ප්‍රකට මතවාදයකි. එලෙස වන්නට එAවාට විද්‍යාත්මක හේතු මතවාද තිබෙනමුත් අදටත් බැද්දේ ගම්මානවල මාපිල් විසට කෙරෙන ඔසු වෙදහෙදකම් කවිවලට ගොනුව ඇත්තේ මෙසේය. 

කරල් සැමෝ ඇට නිකදළු ගන් නේ
සුදුළූණුත් සමකර අඹරන් නේ
නිකකොල මිරිකා නස්‌න කරන් නේ
මාපිල් විසයට ඇඟ ගල්වන් නේ
මාපිලාට ගන්නෙ පිටවක්‌ක ත්
පින්නකොලත් දෙහි ඇඹුලෙන්වල ද ත්
අමුකහ සමගින් පිස හැර මුඛය ත්
ඉන් දුරුකරවයි මාපිල් විසය ත්
නිල් වැල්ලන් ද ගෙන්වා ගෙ න
කොටමින් යුෂ මිරිකා ගෙ න
එම යුෂ ඇඟ ගැල්ලූ තැ න
මාපිල් විස කෙරෙයි සම න
මුකුණුවැන්න කොල ගන් නේ
කොටමින් යුෂ මැඩ ගන් නේ
මීතෙල් ගෙන පොවමින් නේ
මාපිල් විස නොතිබෙන් නේ
දිමි ගොටුවක්‌ කොටා රැගෙ න
මුත්‍රාදියෙන් මිරිකා ගෙ න
විසාකුරයන්හට පෙවූ තැ න
මාපිල් විස නසයි සොඳි න
වල් ඉඟුරුත් හරංකහ අල ගනිමින් නේ
පුවඟු කොළත් සමගම ගලගා ගන් නේ
කෑ තැන ලේපය කළ හෙයින් නේ
මාපිල් විස නොතිබෙයි සැනෙකින් නේ
කරපිංචා කොල අඹරා ලේපයෙ න
මුගුණුවැන්න නරමුත්‍රයෙන් පොව න
කළු සබරල කොල කොටමින් නසපයෙ න
මාපිල් විස නොතිබෙයි කිව් සැනෙකි න

මූසිකයා ගොවියාට බොහෝ දුක්‌ ගැහැට පීඩාදිය ඇති කරන්නෙකි. කාන්ත්‍රිකයන්ගේ ලොවේ ප්‍රධානතම සාමාජිකයකු වන මූසිකයා එක්‌ රැස්‌ කර අටුවේ තබන බවභෝගවලට වී වලට නාස්‌තිකාර ප්‍රහාර එල්ල කරයි. එපමණකුදු නොව මූසිකයන් ගේ දොර ගැවසීම සර්පයන් ගෙවද්දා ගැනිමටද මං තැනීමකි. ඉඳහිට අහම්බෙන් වුව මීයන් සපා කෑමට ද ගෙවිලියක, පවුලේ දරු පැටවකු ලක්‌විය හැකිය. මේ මී විෂට අදටත් ගම්මානවල තනාගන්නා ඔසු කවිවලට ගොනු කළ අපූරුවය.

ඇසලත් බැලතන මුල් දෙක සමගි න
නිලකටරොලු නැතහොත් තල මුල් ගෙ න
සීනිද මී පැණි ගිතෙලුත් සමගි න
බුව, අටලොස්‌ කුල මී විස නැතිවෙන් න

තුන්බෝ අත්තන සහ මුල් ගෙන යා
නැවුන් සලක ලා මැටි ඔඳ ගෙන යා
කරන් ලිපේ අන්කර දුමේ යා
පොවන් කරන් අළු ගෙන මෙලෙසේ යා

මංචාඩියේ බර කිරලා ගෙන හෙ ව
ගිතෙල් දෙමංචාඩිය සහ වළ ඳ ව
අත්දුටු බේතකි පෙර ඉසි පැවසු ව
දැනගෙන නැති මූසික විසිකර සු ව

ගිවුල කොලත් ගනිමින් නේ
කසාය කකාර ගන් නේ
තලතෙල් ලා පොවමින් නේ
මූසික විස නසිමින් නේ

දිවුලු ගසේ සැමදේ ම
කැමැති විදියකටම දී ම
මූසික විසයට ම සෑ ම
හිත බව දැනගනු පේ ම

සිකනලා ගම්වැසියන්ට ආගන්තුකයකු නොවේ. ගෙවත්තේ මෙන්ම නිවසේ ද මේ සත්වයා ගේ ලැඟුම් තැන් බවට ඇතැම් විට පත්වෙයි. එහෙත් අහම්බයකින් හෝ සිකනලු දෂ්ඨනයට ද ලක්‌වන්නට ගැමියාට සිදු විය. "අහසේ තරුත් මුහුදේ මඩත්" ඇවැසිවනු

මේ ප්‍රතිකර්මයත් සිකනලාට උචිත බව අදටත් ගම්මානවල පොඩි ඇත්තන් දනිති. එහෙත් සිකනලාට ඔසු අපේ වෙදැදුරන් කවි බසට හරවා ඇත්තේ මෙසේය.

මිදි කොල සුදුළූණුත් සමකර ති
තලතෙල් සිකනල් විසයට පොව ති
බළු දං කොල පොතු පොල්කිරි ගනි ති
බිඳී යයි සිකනැල් විස ගත පැව තී

රන් තැඹිලිය මුල්කල් පොතු ගන් නේ
තුන් පලා ද මුල් සමකර ගන් නේ 
තුන් වගයට කැඳවිය දෙවමින් නේ
ඉන් සිකනැල් වෙව්ලුම් නැතිවෙන් නේ 

පුසුල් කොලද ලුනු දිය ගෙන එම සේ
වූවොත් එයින් සිකනල් විස වැන සේ
එකල් මුලත් පොල්කිරි ගෙන සම සේ
කුහුල් නොවමි බොනු ගුණවෙයි නොල සේ

ගෝනුස්‌සාද අනේකවිද විපත්ති ගෙන දෙන්නකු බවට ගැමියන් අඳුනාගෙන තිබේ. ඉඳහිට පැදුරු ආනකින් මතුවන, පොල්අතු රුප්පාවකින් ගෙට වදින ගෝනුස්‌සාගේ දෂ්ඨනය හීන් එවුන්ට දරා ගැනීමට අපොහොසත් රුදු වේදනාවකි. ගෝනුසු විෂට අත්බෙහෙත් වුවමනා තරම් හෙළ වෙද ඔසු ගොන්නෙහි දැකගත හැකිය. අදටත් අතිශය දුෂ්කර ගම්මානවල වෙසෙන ගැමියන් මේ ඔසු ගැන හොඳින් දැන සිටිති. මේ ගෝනුස්‌සාගේ දස්‌ඨයට අපේ හෙළ වෙද ඇඳුරිඳුන් මුවග අදටත් කියෑවෙන ප්‍රවාදයෙහි එන කවි කිහිපයකි.

කල කොයඹ ද කොස්‌ පල සමඟ ගත් ක ලා
එක්‌කොට ගිතෙල ගලා අරගෙන රෙදි වෙ ලා
අව්ලා නිවා දුම් දුන්කලට මත කලා
ගෝනුසු විස හැර යයි සෙත වේහුය සුවපු ලා

මොණර පිලුත් ගනිමින් නේ
එළඟි තෙලින් පොවමින් නේ
දල්වාලා දුම් දෙන් නේ
ගෝනුසු විස ගුණවන් නේ

අත්තන යුෂ ගනිමින් නේ
විස මුඛ තුළ ගාමින් නේ
ආතුර එම සැනෙකින් නේ
සැපයේ වැජඹි ඉන් නේ

මේ කවි අදටත් ඉපැරණි හෙළ ඔසු සුසංයෝග කොට දිව ඔසු තනනු අපේ හෙද වෙදැදුරන් කටපාඩමින් දනිති. ඔවුන්ගේ සෙසු පරම්පරාවලට ද මේ රසකාරක මිශ්‍රණයන් ගෙනයැම අතිශය වැදගත්ය.




විෂ සහිත සර්පයින් ගැන දැන ගනිමු ....

ස්‌වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක්‌ පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක්‌ ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස්‌ දෙකකින් හඳුනාගත හැකිය.

සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය "විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා" යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්‍ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්‍ෂා වී සර්ප විෂ මිනිස්‌ ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්:

නයා
සිංහල - නයා/නාගයා
දමිල - නාගපාම්බු
ඉංග්‍රීසි Cobra

විද්‍යාත්මක - Naja naja


ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක්‌ හෝ 8 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්‍ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුÊපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස්‌ ඉරි දක්‌නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස්‌ පටි 20 ක්‌ පමණ දැකගත හැකිය. නාගයකු වයස්‌ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් "ප" අකුරට සමාන සළකුණක්‌ දක්‌නට ලැබෙන අතර එම සළකුණට මදක්‌ ඉහළින් සුදු පැහැති තිත් දෙකක්‌ හෝ ඉරි දෙකක්‌ දැකගත හැකිය.

තෙල් කරවලා
සිංහල - තෙල් කරවලා / මගමරුවා
දමිල යෙට්‌ටාඩි මිරියන්
ඉංග්‍රීසි -Common Krait /Inian Krait
විද්‍යාත්මක - Bungarus Caeruleus


තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්‌වා දිගින් යුක්‌තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළුÊකළු හෝ නිල් පැහැයක්‌ ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක්‌ වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්‌නට ලැබුණද වයස්‌ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළුÊපැහැයෙන් යුක්‌ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්‌වෙයි.

තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්‌නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක්‌ දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.

මුදු කරවලා
සිංහල - මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා
දමිල - යෙන්නායි මිරියන්
ඉංග්‍රීසි - Ceylon Krait
විද්‍යාත්මක - Bungarus Ceylonicus



මුදු කරවලා දිගින් අඩි 3 ක්‌ පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්‌තය. ශරීරය පුරාවට හරස්‌ අතට දිවෙන සුදු පැහැති ඉරි දක්‌නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක්‌ දැකගත හැකි වන අතර සර්පයා වයස්‌ගත වෙත්ම එම ඉරි කැඩීගොස්‌ ලප බවට පත්වේ. එමෙන්ම වයස්‌ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.

රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්‌ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්‌ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක්‌ පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.

වැලිපොළඟා
සිංහල - වැලි පොළඟා
දමිල - සුරති පාම්බු
ඉංග්‍රීසි - Sawscale viper
විද්‍යාත්මක - Echis Carinatus




ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක්‌ දකුණට යාල දක්‌වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්‌වරම හඳුනාගැනීම අපහසුය.

වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක්‌ දක්‌නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක්‌ උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක්‌ ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක්‌ ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්‌නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක්‌ ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක්‌ දික්‌ අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්‌වභාවයක්‌ උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.

ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්‌ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක්‌ වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.

සපාකන විටදී ඉතා ඉක්‌මනින් ඉදිරියට පැන යළි පස්‌සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්‌වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්‌වූවකුගේ රෝග ලක්‍ෂණ ලෙස සපා කෑ ස්‌ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්‌ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක්‌ බිහි කරයි.


තිත් පොළඟා
සිංහල - තිත් පොළඟා
ඉංග්‍රීසි - Russells Viper
විද්‍යාත්මක - Daboia russelli



තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක්‌ හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක්‌ ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක්‌ දක්‌නට ලැබේ. එක්‌ පුල්ලි පේළියක්‌ සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක්‌ පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක්‌ ගන්නා අතර වටේ කළු පැහැයක්‌ ගනී. එක්‌ පේළියක 23 - 30 අතර පුල්ලි ප්‍රමාණයක්‌ පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක්‌ උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක්‌ ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක්‌ දක්‌නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස්‌ කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 - 40 ප්‍රමාණයක්‌ බිහි කරයි.

තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්‌වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක්‌ ඇති කරයි.

ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක්‌ වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක්‌ මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්‌නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්‍ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්‍ෂණ ඇතිවේ.

මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්‌ථාන අහිමි වෙමින් පවතී. එපමණක්‌ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්‌වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්‍ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස්‌ වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය.

ඡායාරූප (අන්තර්ජාලයෙනි)....




window 7 වල games වැඩ කරන නැද්ද?

පියවර 1:-ක්ලික් START BUTTON


පියවර2:- දැන් CONTROL PANEL යන්න


පියවර 3:- දැන් PROGRAM යන්න තෝරන්න 


පියවර 4:- දැන් PROGRAM AND FEATURES යන්න තෝරන්න 


පියවර 5:- දැන් වම්පස තියෙන TURN WINDOWS FEATURES ON OR OFF ක්ලික් කරන්න 


පියවර 6:- දැන් GAMES මත ඩබල් ක්ලික් කරලා OK කරලා බලන්න ..

එහෙනම් කස්ටියටම ජයවෙවෝ...





මෙන්න පට්ට free accounting software එකක්



Feature :-

General ledger
Cash management
Bank reconciliation
Expense claims
Accounts receivable
Accounts payable
Estimates & quotes
Purchase orders
Billing & invoicing
Credit notes
Delivery notes
Sales orders
Stock & inventory
Time & service billing
Profit & loss statement
Balance sheet
Trial balance
VAT, GST or sales tax
Multi-currency and More...

මෙන්න මේ ලින්ක් එකෙන් භාගන්න .....

                                         එහෙනම් කස්ටියටම ජයවේවා

USB Troubleshoot එකතැනකින්





USB format Errow..

සමහර වෙලාවට ඔයාලා Pen එකක් format කරද්දී  USB format Errow කියලා ඩයලොග් බොක්ස් එකක් එනවා දැකලා ඇති...බලන්න එහෙම එන අය පහත පියවර අනුගමනය කරලා..

පියවර 1:-  My Computer icon එක මත  රයිට් ක්ලික් කරන්න
පියවර2:-  දැන් එන ඩ්‍රොප්ඩවුන් මෙනු එකෙන් manage යන්න ක්ලික් කරන්න
පියවර 3:-  දැන් storage යටතේ ඇති  disk management යන්න ක්ලික් කරන්න
පියවර 4:- දැන් ඔයාලගේ USB Drive එක පෙන්නයි දැන් format කරලා බලන්න




USB non detectable  

සමහර වෙලාවට undetected වෙන්න පුළුවන් ඒවෙලාවට පහත පියවර අනුගමනය කරලා බලන්න 

පියවර 1:- වින්ඩෝස් කී එක සමග R කී එක ප්‍රෙස් කර run වින්ඩෝ එක open කරගන්න 
පියවර 2:- දැන් මෙන්න මේක ටයිප් කරන්න "devmgmt.msc" දැන් ok කරන්න.
පියවර 3:-  දැන් device manager ඕපන් වේවි 
පියවර 4:- දැන් ඒ යටතේ ඇති universal serial bus controllers යන්න ක්ලික් කරන්න 
පියවර 5:- ඒ යටතේ ඇති ලිස්ට් එකෙන් undetected pen drive මත right click කරලා  uninstall කරන්න 
පියවර 6:-  දැන් පෙන් එක ගලවලා Restart කරන්න 


USB not visible in my computer(explorer)


පෙලක් වෙලාවට USB Drive එක my computer තුල පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්.ඒ වෙලාවට පහත පියවර අනුගමනය කරලා බලන්න 

පියවර 1:- ඉස්සරලාම් run box එක open කරගෙන "compmgmt.msc" යන්න Type කර ok කරන්න 
පියවර 2:-  දැන් ඒ යටතේ ඇති  disk management යන්න ක්ලික් කරන්න 
පියවර 3:- දැන් එතැනින් ඔයාලගේ pen එක මත right click කරලා change drive letter and paths යන්න                           තෝරන්න 
පියවර 4:- දැන් new drive letter ලෙස Assign කරන්න 


Delayed write failed error with USB drive

මේක සාමාන්‍ය සිද්ධියක් මේ සදහා පහත පියවර අනුගමනය කරලා බලන්න 

පියවර 1:-  my computer මත right click කරලා explorer යන්න open කරගන්න 
පියවර 3:- දැන් USB drive එක මත right click කරලා properties යන්න 
පියවර 4:- දැන් tools යන tab එක ක්ලික් කරලා ඒ යටතේ ඇති error checking හි check now option                               තෝරන්න .දැන් අළුත් window එකක් open වෙයි 
                                                 

                                                   


පියවර 5 :- දැන් ඉහත පරිදි හරි ලකුණු යොදා  start  යන්න  Click කරන්න 

විනාඩි කිහිපයක් රැදී සිටීමෙන් ඔබට එම ගැටළුවෙන් මිදිය හැක.


එහෙනම් කස්ටියටම ජය වේවා 





ඕනිම OS එකකින් Bootable USB Flash Drive සරළව සාදා ගන්නේ මෙහෙමයි...


ඉස්සරලාම මෙන්න මේ ලින්ක් එකෙන් සොෆ්ට් වෙයාකෑල්ල ඩවුන්ලෝඩ් කරගන්නකෝ 

පියවර 1:- සොෆ්ට් වෙයාකෑල්ල ඩවුන්ලෝඩ් කරගෙන රන් කරගන්න
පියවර 2:- පෙන් කෑල්ල USB පෝට් එකට ප්ලග් කරන්න

පියවර 3:- දැන් උඩ තියෙන ස්ක්‍රීන් ෂොට් එකේ විදිහට හරි ලකුණු දාන්න
පියවර 3:- 3න් වෙනි හරි ලකුණ දාන තැන ඉස්සරහා තියෙන CD icon එක ක්ලික් කරලා windows ISO ‍ෆයිල් එක brows කරන්න..
පියවර 4:- දැන් ස්ටාට් බට්න් එක ක්ලික් කරන්න...

එහෙනම් කස්ටියටම ජයවේවා 







සිංහල අකුරු පෙන්නන්නේ නැද්ද?




සියළුම සිංහල අකුරු එකම තැනකින් බාගන්න මෙන්න පට්ටම සයිට් එක..........

http://www.siyabas.lk/sinhala_websites

තව රජජේ සිංහල වෙබ් සේවා පිළිබද තොරතුත් මෙතනින් බලාගන්න පුළුවන්....

HTC Desire 826



HTC සමගම මගින් නුදුරේදීම නිකුත් කිරීමට නියමිත Octa Core (8 Core) දුරකතනයක් වන මෙය මෙවර CES  2015 ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන ලද උපාංගයකි.Android Lollipop ,අඟල් 5.5ක ප්‍රබල තිරය Full HD ප්‍රමිතිය හා 13MP කැමරාව මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.HTC සමාගමේ ප්‍රමුක දුරකථනයක් වන HTC one හි මීලග සාමාජිකයා CES 2015 දී ප්‍රකාශයට පත් නොකෙරුණු බැවින් බොහෝ දෙනා HTC Desire 826 දුරකථන වෙළද පොලට පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිති.





NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2015, January
StatusAvailable. Released 2015, March
BODYDimensions158 x 77.5 x 8 mm (6.22 x 3.05 x 0.31 in)
Weight183 g (6.46 oz)
SIMDual SIM (Nano-SIM, dual stand-by)
DISPLAYTypeSuper LCD3 capacitive touchscreen, 16M colors
Size5.5 inches (~68.1% screen-to-body ratio)
Resolution1080 x 1920 pixels (~401 ppi pixel density)
MultitouchYes
 - HTC Sense UI
PLATFORMOSAndroid OS, v5.0.1 (Lollipop)
ChipsetQualcomm MSM8939 Snapdragon 615
CPUQuad-core 1.7 GHz Cortex-A53 & quad-core 1.0 GHz Cortex-A53
GPUAdreno 405
MEMORYCard slotmicroSD, up to 128 GB
Internal16 GB, 2 GB RAM
CAMERAPrimary13 MP, 4160 x 3120 pixels, autofocus, LED flash
FeaturesGeo-tagging, touch focus, face detection, simultaneous HD video and image recording, HDR
Video1080p@30fps, 720p@60fps
Secondary4 MP, 1080p (1/3'' sensor size, 2µm pixel size) - HK model
13 MP, 1080p - India model
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes, with stereo speakers
3.5mm jackYes
 - Dolby Audio
COMMSWLANWi-Fi 802.11 a/b/g/n, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
Bluetoothv4.1, A2DP, apt-X
GPSYes, with A-GPS, GLONASS/ Beidou (market dependant)
RadioFM radio
USBmicroUSB v2.0
FEATURESSensorsAccelerometer, proximity, compass
MessagingSMS (threaded view), MMS, Email, Push Email
BrowserHTML5
JavaYes, via Java MIDP emulator
 - Active noise cancellation with dedicated mic
- MP4/H.264/WMV player
- MP3/eAAC+/WMA/WAV player
- Document viewer
- Photo/video editor
BATTERY Non-removable Li-Po 2600 mAh battery
Stand-byUp to 626 h (2G) / Up to 687 h (3G)
Talk timeUp to 22 h (2G) / Up to 19 h (3G)
MISCColorsWhite Birch, Blue Lagoon, Marshmallow White, Dark Grey, Purple Fire


 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes