අන්තර්ජාලය යනු නිදහස් ස්ථානයක් බව සැබෑ ය. එහෙත් තුර්කියේ පනවන ලද Youtube තහනම වැනි පුවත් විටින් විට අසන්නට ලැබේ. එහි දී සිදු වන්නේ ඒ ඒ රටවල් විසින් එම රටවල සිට යම් යම් වීඩියෝ අඩවි වෙත පිවිසීම තහනම් කිරීම යි.
මෙසේ තහනම් කරන ලද අඩවි වෙත පිවිසීමට හැකි ක්‍රමවේද ද නූතන තාක්ෂණය ඔස්සේ සොයාගෙන තිබේ. එහෙත් ඒවා අත්හදා බැලීමේ දී රටෙහි පවතින නීතිමය තත්ත්ව පිළිබඳ ව ද අවධානය යොමු කිරීම වැදගත් ය. Proxy එකක් භාවිතය ද මේ සඳහා සිදු කළ හැකි නමුත්, වේගය අඩාළ වීම සහ විශ්වසනීයත්වය අඩු වීම එහි දී පැන නගින ගැටලු ලෙස හඳුනා ගත හැකි ය. මෙයට ඇති විසඳුම නම් ඒ වෙනුවට browser extension එකක් භාවිත කිරීම යි. මෙහි දී සිදු වන්නේ වෙනත් රටක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීම ය.
Chrome සහ Firefox බ්‍රවුසර සඳහා මෙන් ම Windows, Mac හා Android සඳහා app එකක් වශයෙන් ද පවතින ප්‍රකට browser extension එකක් ලෙස Hola හඳුනා ගත හැකි වේ. එය install කර ගැනීම ප්‍රමාණවත් වන අතර, පරිගණකය restart කිරීමකින් තොර ව ම මෙම වැඩසටහන අදාළ අඩවි unblock කරමින් තම කාර්යය ආරම්භ කරයි. extension button එක ඔස්සේ එහි අදාළ වෙනස්කම් සිදු කළ හැකි ය.
Proxmate යනු ද මෙබඳු තවත් browser extension එකකි. මෙහි දී ද Chrome හා Firefox යන බ්‍රවුසර දෙක යටතේ ම ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. Chrome බ්‍රවුසරයේ දී මෙය විවෘත කිරීම මඳක් සංකීර්ණ කටයුත්තක් වන අතර, ඒ සඳහා Proxmate වෙබ් අඩවියෙන් අදාළ file එක download කර බ්‍රවුසරයේ extension gallery එක ඔස්සේ install කර ගත යුතු ය. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමක් මෙහි දී සිදු වන නමුත්, එය settings ඔස්සේ ක්‍රියා විරහිත කළ හැකි වේ.

DNS tunneling services යනු, රටවල් මගින් තහනම් කරන ලද වෙබ් අඩවි වෙත පිවිසීමට ඇති වේගවත් හා වඩාත් විශ්වසනීය මාර්ගයකි. වෙනසකට ඇත්තේ මෙය මුදල් ගෙවා ලබා ගත යුතු සේවයක් වීම යි. මෙයට අමතර ව Unblock-Us, Unlocator, UnoTelly වැනි සේවා ද මේ සඳහා යොදා ගත හැකි නමුත්, නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාව නිම වූ පසු ගාස්තුවක් ගෙවන්නට සිදු වේ. කෙසේ වෙතත්, තාක්ෂණය ඔස්සේ අවහිර කරන ලද වෙබ් අඩවි, තාක්ෂණය ඔස්සේ ම විවෘත කෙරෙන ආකාරය මෙමගින් පසක් වෙයි...
0 comments:
Post a Comment