blog පාඩම් මාලාව #1

අපි ඉස්සරලාම බලමු මොකක්ද මේ බ්ලොග් එකක් කියන්නේ කියලා......



බ්ලොග් එකක් යනුද අප දන්නා පරිදි වෙබ් අඩවියක්මය .බ්ලොග් එකකට සාමාන්‍ය වෙබ් අඩවියකට  මෙන් ඊටම අයත් වෙබ් ලිපිනයක්(url)තිබේ.බ්ලොග් අඩවියක් හෙවත් බ්ලොග් එකක් සාදාගෙන අන්තර්ජායට එක්කල විට එය වෙත සාමාන්‍ය වෙබ් අඩවියකට පිවිසෙන්නාක් මෙන් පිවිසිය හැක.
බ්ලොග් එකක් යනු යම් පුද්ගයෙකු විසින් තමන්ගේ අදහස් හා නොයෙක් මතවාද ප්‍රසිද්ධ කිරීම සදහා පවත්වාගෙන යනු ලබන සරල වෙබ් අඩවියකි.
එහිදී අදහස් ඉදිරිපත් කල යුතු විෂය සීමාවක් හෝ මාතෘකාවල  වල සීමාවක් හෝ  නැත.කැමති ඕනෑම මාතෘකාවක් ගැන අදහස් එහිදී ඉදිරිපත් කල හැක.එහෙත් එය නිතපතා අළුත් කල යුතුය.එසේම එම අදහස් වෙනුවෙන් වෙනත් අයට ඒ ඒ අයගේ මතිමතාන්තර(comments)ඉදිරිපත් කිරීමටද ඉඩකඩද තිබේ.එම අදහස් එම වෙබ් අඩවියේම ප්‍රසිද්ධ කෙරේ.
බ්ලොග් එකක් පවත්වාගෙන යාම බ්ලොගින්(blogging) ලෙසත්,බ්ලොග් එකක් පවත්වාගෙන යන්නා බ්ලොගර්(blogger) ලෙසත් හදුන්වයි.
බ්ලොග් සදා ගැනීම සඳහා ඉඩකඩ නොමිලේම සලසා දෙන විශේස සේවා තිබේ.වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ මෙවැනි සේවා ඔස්සේ ප්‍රසිද්ධ කරන බ්ලොග්ය මෙවැනි නොමිලේ දෙන බ්ලොග් එකක් සදා ගැනීමේ වාසි ගණනාවකි.


  • බ්ලොග් ඒක සකස් කිරීමට හා පවත්වාගෙන යාමට කිසිදු වියදමක් දැරිය යුතු නොවීම.
  • වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබද දැනුමක් නොමැති වුවද බ්ලොග් එකක් සකස් කර ගත හැකි වීම.
  • ඕඩියෝ සහ වීඩියෝ මෙන්ම ඉමේජස් ඕනෑම ප්‍රමාණයක් ඇතුළු කල හැකි වීම .
  • ලොව ප්‍රසිද්ද භාෂා ගණනාවක් අතරින් තමන් කැමති භාෂාවක් තෝරාගෙන බ්ලොග් එක පවත්වාගෙන යා හැකි වීම.
මෙසේ බ්ලොග් සදා ගැනීමට නොමිලේ සේවා සපයන වෙබ් අඩවි ගණනාවක් තිබේ.ඒවා අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ බ්ලොගර් , වර්ඩ්ප්‍රෙස්  , ලයිව්ජර්නල්    යන ආදියයි .මිට අමතරව බ්ලොග් සදා ගැනීම සදහා ඉඩ දෙන තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.මේ අතරින් බ්ලොගර් සේවාව හරහා  බ්ලොග් සදා ගැනීම වඩා ජනප්‍රිය ක්‍රමයයි.
බ්ලොග් සේවය සපයන්නේ ගූගල් සමාගමෙනි.එනිසා මෙමෙ බ්ලොග් ඉඩ ලබා ගැනීමට ජීමේල් ගිණුමක් තිබිය යුතුය.එම ජීමේල් ගිණුමේ ලබා දෙන යුසර් නේම් හා පාස්වර්ඩ්ම යොදාගෙන බ්ලොගර් සේවය හරහා බ්ලොග් එකක් සදා ගැනීමට ප්‍රවේශ විය හැක.මෙසේ ගූගල් වෙතින් ලබාදෙන ඊමේල් සේවාවක හෝ වෙනත් මොනයම් සේවාවක හෝ එකවුන්ට් සදා නැත්නම් එවැනි එකවුන්ට් එකක් සදා ගත යුතුය.ජීමේල් ගිණුමක් සදා ගැනීම වඩා හොදය....

එහෙනම් අපි ඊලග කොටසින් බලමු නිවැරදිව ජීමේල් ගිණුමක් සදා ගන්නා හැටි.......
කස්ටියටම ජයවේවා....



0 comments:

Post a Comment

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes